මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථය අද සිට ගුවන්තොටුපොළින් ගමන් ඇරඹෙන බවත් සේවාව 24 × 7 සේවාවක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දැනට පුද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ මෙම සේවය සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පවසා ඇත.
මෙම සේවාව සපයන බස් රථ වල සේවය කරනු ලබන සේවක මහතුන් හට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා වූ නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව මෙම සේවයේ යොදවනු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා තිබේ.
රුපියල් 290 ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා සුවපහසුවෙන් පැමිණීමේ අවස්ථාව අද සිට මගී ජනතාවට හිමි වනු ඇත.
ගුවන්තොටුපොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.