කොළඹ – කටුනායක ගුවන් තොටුපොළ නව බස් සේවයක්
ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාවගේ පොදු ප්‍රවාහන සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා මූලික පියවරක් ලෙස කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අද (05) සිට අරඹා තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පැවසීය.
මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයකු සමග එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බවද ඔහු සඳහන් කළේය.
උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට එම වෙඩි ප්‍රහාරය සිදුවූයේ 2023 වර්ෂයේ සැප්තැම්බර් 17 වැනිදාය.
එම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ පැති වීදුරුවට අලාභ හානි සිදු වූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදු නොවීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළේය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සංජීව මහානාම නමැති සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා විදේශගත වී ඇති බවත් ඔහු විදේශගතවී ඇත්තේ පොලිසියට දැනුම්දී නිසි අවසරයකින් නොවන බවත් ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එම සහකාර පොලිස් අධිකාරීවරයා සහ මන්ත්‍රීවරයා හොඳින් දන්නා අය විදිහට එම ප්‍රහාරය සැලසුම් සහගතව කර ඇති බව පෙනී යන්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ ගැන විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරිවරයා බිරිය සහ දරුවන් මෙසේ විදේශගතව ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇතැයිද පොලිසිය පවසයි
සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා කටුනායක ගුවන් තොටුපළට ගොස් සිය ගිනි අවිය කිසිවකු අතේ සේවා ස්ථානයට එවා ඇති බවටද තොරතුරු හෙළි වී ඇතැයි පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බව සඳහන් කළේය.
තම ගිනි අවිය වෙනත් අයෙකුගේ යටතට පත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු කීවේය.
සහකාර පොලිස් අධිකාරිවරයා පෙරේදා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බවද පොලිසිය පවසයි.
උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පසුගිය පෙබරවාරි මස 27 වැනිදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය. ඉල්ලා අස්වීමෙන් පසු ඔහු විදේශගත වූයේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාවගේ පොදු ප්‍රවාහන සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා මූලික පියවරක් ලෙස කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අද (05) සිට අරඹා තිබේ.
සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) උදෑසන 8.00 සිට යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසයි.
පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.