නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට විරෝධතාකරුවන් ගිනි තියයි
නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, පාර්ලිමේන්තු පරිශ්‍රයට කඩා වැදුණු Gen Z විරෝධතාකරුවන් එහි පිහිටි එක් ගොඩනැගිල්ලකට ගිනි තබා තිබේ.
හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබේ.
එරට සන්නිවේදන හා තොරතුරු අමාත්‍ය ප්‍රිත්වි සුබා ගුරුන්ග් පවසා ඇත්තේ අදාළ කැබිනට් රැස්වීමේ දී මේ සම්බන්ධව සාකච්ඡා කර පනවනු ලැබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට තීරණය කළ බවය.
ෆේස්බුක්, එක්ස් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් තහනම් කිරීමේ තීරණයට එරෙහිව කත්මණ්ඩු හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල රැස්වූ "Gen Z" ලෙස හඳුන්වා ගත් විරෝධතාකරුවන් ඊයේ (8) දින විරෝධතාවයේ නිරත වූ අතර
එම විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 100 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබීය.
වැඩිදුර කියවීම් :
සමාජ මාධ්‍ය තහනමට එරෙහි නේපාලයේ විරෝධතාවලින් 13ක් මරුට
සමාජ මාධ්‍ය තහනමට එරෙහි නේපාලයේ විරෝධතා : 19ක් මරුට
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, පාර්ලිමේන්තු පරිශ්‍රයට කඩා වැදුණු Gen Z විරෝධතාකරුවන් එහි පිහිටි එක් ගොඩනැගිල්ලකට ගිනි තබා තිබේ.
නේපාල රජය විසින් පැනවූ සමාජ මාධ්‍ය තහනමට එරෙහි විරෝධතා අතරතුර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නේපාල රජය විසින් පැනවූ සමාජ මාධ්‍ය තහනමට එරෙහි විරෝධතා අතරතුර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.