පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.

එම වාර්තාවලට අනුව,

රිලවු - මිලියන 5.71 
වඳුරෝ - මිලියන 1.74 
දඬුලේන්නු - මිලියන 2.26 

මොණරු - මිලියන 4.24 

 

දිවයින පුරා සිටින බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්‍යේක්ෂණ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරී ඒ. එස් සන්ධික පවසා සිටියේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.