බස් රථ සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගුයි
බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව නෛතික ප්‍රතිපාදන තුළ අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර තිබේ.
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගු සඳහන් කළේ සංචාරක වීසා මත පැමිණි පිරිසක් මෙලෙස එම සයිබර් කඳවුරු වල රඳවාගෙන සිටින බවට වාර්තා වී ඇති බවය.
මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය ආසන්නයේ ඇති එම සයිබර් කඳවුරු ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් පාලනය කරනු ලබන අතර මීට පෙර ද ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එම කඳවුරු වල සිරව සිටියේය.
තානාපති කාර්යාල වල මැදිහත්වීමෙන් එම පිරිස් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව අවස්ථා කිහිපයකදී මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කෙරුනි.
පරිගණක ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමේ අරමුණින් පසුවන ඇතැම් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත විදෙස් ගත වන අතර පසුව ඔවුන් මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව නෛතික ප්‍රතිපාදන තුළ අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී තිබේ.