බංග්ලාදේශ ඇඟලුම් කම්හලක ගින්නකින් 16ක් මරුට
බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟලුම් කම්හලක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, මියගිය පිරිස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවකින් ළමා රෝහලක් විනාශ වී තිබේ.
ඔහ්මට්යාඩ් නමැති ළමා රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර රෝහලට විශාල වශයෙන් හානි සිදුවී ඇත.
රුසියන් ප්‍රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 140 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ජනපති ව්ලැඩිමීර් සෙලන්ස්කි ගේ කාර්යමණ්ඩල ප්‍රධානි ඇන්ඩ්‍රි යර්මක් නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත් රුසියාව ළමා රෝලකට ප්‍රහාර එල්ල කළ බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඔවුන් නිවේදනය කරන්නේ රෝහල යුක්‍රේන ගුවන් ආරක්ෂක මිසයිලයක කැබලිවලට ගොදුරු වූ බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟලුම් කම්හලක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, මියගිය පිරිස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
දකුණු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියක දී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 39 දෙනෙකු මියගිය සිදුවීමෙන් පසු ඉන්දීය පොලිසිය ඔහුගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබේ.
සැත්කමක් සඳහා රෝගියෙකු නිර්වින්දනය කිරීමෙන් පසු එම රෝගියා සැත්කම් මේසය මත සිටියදීම, හෙදියක් සමඟ ලිංගිකව හැසිරීමට වෙනත් කාමරයකට ගිය වෛද්‍යවරයෙක් ගේ ක්‍රියාව එක්සත් රාජධානියේ වෛද්‍ය විනිශ්චය සභාවක් විසින් විභාග කර තිබේ.