වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ වර්ජනය අවසන්
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8ට අවසන් කර තිබේ.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, කොල්ල කෑ මුදලින් රුපියල් තුන් කෝටි 15 ලක්ෂයකට අධික මුදලක්ද සොයා ගත් බවයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙල්යායක කමතක සඟවා තිබියදී එම මුදල් සොයා ගෙන තිබේ.
කෙසේ වෙතත් මංකොල්ලය මෙහෙය වූ ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.
පොලීසිය පැවසුවේ, අදාළ වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ තැනත්තා කොල්ලය සංවිධාන කර ඇති බවයි.
යොදා ගත් වෑන් රථයේ තිබී කොල්ලකන ලද මුදල් තොගයක් සොයාගෙන තිබේ.
පෞද්ගලික සමාගමකට අයත් මෙම වෑන් රථය කොල්ල කා රුපියල් හත් කෝටී අනූපන් ලක්ෂයකට අධික මුදලක් පෙරේදා කොල්ල කනු ලැබුවේ ය.
සැකකරු වෑන් රථය ගම්පහ උග්ගල්බොඩ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගැණුනි..
මුදල් කොල්ලය සම්බන්ධයෙන් විමර්ශනයට කණ්ඩායම් 8 ක් ක්‍රියාත්මකයි.
පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා මගින් කොල්ලකරු ගමන් කළ මාර්ග පිළිබඳව තොරතුරු රැස්කරමින් ඇති බවයි.
මුදල් කොල්ල කා පළාගිය සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් පොලීසියට දැනුවත් කරන්නැයිද, මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ 0718591608 යන අංකයට හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ 0718591610 අංකයට ඔහු පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකියි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8ට අවසන් කර තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.
වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් නිර්දේශ කර තිබේ.