ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක්, ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු සඳහන් කළේ,
ඒ අනුව ලබන 02 වැනි දා සිට 04 වැනි දා දක්වා දින 03ක් එම වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29හි විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,552කි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව 15,120 කි.
ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.