විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වව්නියාවේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී අද (01) තීන්දු කර ඇතැයි පක්ෂයේ ඉහළ පෙලේ මන්ත්‍රීවරයකු කරන ප්‍රකාශය පක්ෂ නායකත්වය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ITAK ජ්‍යෙෂ්ඨ උප සභාපති සී වී කේ සිවඥානම් ඉදිරිපත් කළ යෝජනාව බෙදීමකින් තොරව සම්මත වූ බවයි දෙමළ අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ට දිගින් දිගටම විරෝධය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මාධ්‍යවේදීන් ට පැවසුවේ.
කෙසේවෙතත් ITAK වැඩබලන සභාපති මාවෙයි සේනාධිරාජා පවසන්නේ මෙය තමන් ඇතුලු මුල් පෙලේ නායකයන් කිහිප පලක් නොමැති සභාවක දෙතුන් දෙනකු ගත් තීරණයක් මිස පක්ෂයේ නිල මතය නොවන බවයි.
මධ්‍යම කාරක සභාව පවත්වා ඇත්තේ, දෙමළ අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම ඉන්නා පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් ද විදේශගතව සිටින අවස්ථාවකය.
තමන්ට සහාය දීම පිළිබඳව ස්තුතිය පළකරන විපක්ෂ නායකයා, "ජාතිවාදයෙන්, වෙනස්කම් පෑමෙන් තොර" අනාගතයක් ගොඩනැගීමට ITAK පක්ෂයට හා සුමන්දිරන් මන්ත්‍රීවරයා ට කරන ආරාධනයක් සමාජ මාධ්‍ය ඔස්සෙ පළකර තිබුණි.
theleader.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.