ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.

මෑත කාලීනව සිදුකළ එක්සත් ජනපද-ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා වල දී තමන් ඉදිරිපත් කළ ගිවිසුමට ඉරානය අත්සන් කළ යුතුව තිබූ බව ට්‍රම්ප් සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.

Truth Social නම් සමාජ මාධ්‍යයේ ඔහු තැබූ සටහන මෙසේ ය,

"සරලව කියනවනම්, ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකියි," ඔහු ලියයි. "මම එය නැවත නැවතත් කිව්වා!"

"හැමෝම වහාම ටෙහෙරානයෙන් ඉවත් විය යුතුයි!"
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.