CLOSE

පුවත්

විභාග කොමසාරිස් ජනරාල් සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මානව හිමිකම් කොමිසමට

විභාග කොමසාරිස් ජනරාල් සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මානව හිමිකම් කොමිසමට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිට වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අද (26) දිනයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

ඊශ්‍රායලය ලෙබනනයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක්

ලෙබනනයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන්නැයි ඊශ්‍රායලය සිය හමුදාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය අද ඇරඹේ

සත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Read More

මෙරට පියයුරු පිළිකා මරණ ඉහළට : වසරකට රෝගීන් 5,500ක්

ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

Read More

ශ්‍රී ලංකාව ගැන මූඩීස් කරුණු පහදයි

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළින් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගමන්මග කැපීපෙනෙන වෙනසකට ලක් නොවනු ඇතැයි මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව පවසයි.

Read More

බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි ඉල්ලයි

බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ලෙබනනය සහ ඊශ්‍රායලයේ තත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින වහා වෙනස්වනසුලු තත්ත්වය සැලැකිල්ලට ගනිමින් බෙයිරූට් නුවර සහ ටෙල් අවිව් නුවර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැඩි සෝදිසියෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

Read More

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි - ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න (වීඩියෝ)

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින් අද (25) පැවසීය. මෙම ක්‍රියාවලිය සඳහා මෙරට ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලබාගත හැකි බවට විශ්වාස කරන බව ද අනුර දිසානායක කීය. ලැබූ ජයග්‍රහණයේ අයිතිය සමස්ත පුරවැසියන්ටම පිරිනමන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read More

මහ මැතිවරණය ගැන කොමිසමෙන් විශේෂ නිවේදනයක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ.

Read More

පොල්ගොල්ල හිස්වෙයි - පැය 65ක ජල කප්පාදුවක්

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට සැලසුම් කර ඇති බැවින් මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

Read More