රුසියාවට එන්නැයි පුටින් ගෙන් කිම්ට ආරාධනා!
බීජිං හි අද (3) පැවති හමුවෙන් පසු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුනඛයින් විශාල ප්‍රමාණයක් ලිංගික අපයෝජනයට ලක්කළ බවට පිළිගත් ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික කිඹුල් විශේෂඥයකු ඕස්ට්‍රේලියාවේ දී වසර 10ක් සහ මාස 5ක කාලයකට සිරගත කර තිබේ.
අවවාදයයි : මෙම පුවතෙහි ඇතුලත් සමහර කරුණු පාඨකයා අපහසුතාවයට පත්කිරීමට ඉඩ ඇත.
…………
බීබීසී සහ නැෂනල් ජියෝග්‍රැෆික් නිෂ්පාදන කටයුතුවලට ද දායක වී ඇති ප්‍රමුඛ සත්ව විද්‍යාඥයෙකු වන ඇඩම් බ්‍රිටන්, සත්ව ලිංගික ක්‍රියාකාරකම් සහ සත්ව හිංසනය සම්බන්ධ චෝදනා 56කට වරදකරු බව පිළිගෙන තිබේ.
එසේම, ළමා අපයෝජන සම්බන්ධ තොරතුරු වෙත පිවිසීමේ චෝදනා හතරක් ද ඔහු පිළිගත්තේය.
53 හැවිරිදි ඔහු සතුන් මියයන තෙක්ම වධහිංසා පමුණුවන ආකාරය රූගත කර ඇති අතර, පසුව එම වීඩියෝ අන්වර්ථ නාමයකින් අන්තර්ජාලය හරහා බෙදා ගෙන ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය වී ඇත.
BBC පුවත් සේවය වාර්තා කරන පරිදි ඔහු අවම වශයෙන් සුනඛයන් 42 දෙනෙකුට වධ දී ඔවුන්ගෙන් 39 දෙනෙකු මරා දමා තිබේ. අධිකරණ ලේඛනවලට අනුව, ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර මාස 18ක කාලය තුල සිදු කළ ඔහුගේ අපරාධ විස්තර පමණක් ලිපිගොනුවල අඩංගු නමුත් එම විස්තර ද පිටු 90 කට වඩා වැඩි ප්‍රමාණයක ලියවී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බීජිං හි අද (3) පැවති හමුවෙන් පසු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අන්ත දක්ෂිණාංශික සබඳතා සහිත මෙන්ම "වෛරය පතුරුවන" බවට ඕස්ට්‍රේලියානු රජය විසින් හෙළා දුටු සංක්‍රමණ විරෝධී රැලි සඳහා රට පුරා ඕස්ට්‍රේලියානු ජාතිකයන් දහස් ගණනක් සහභාගී වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව සහ යුක්රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.