කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ත්‍රිවිධ හමුදාවෙන් නිත්‍යනුකූල ලෙස ඉවත් නොවූ හමුදා සාමාජිකයන් 679 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාශය නිවේදනය කරයි.
ඉකුත් පෙබරවාරි මස 22වනදා සිට අද (5) දක්වා කාලය තුළ පොලීසිය හා යුද හමුදා පොලීසිය එක්ව සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගත්පිරිසෙන් බහුතරය යුද හමුදා සමාජිකයන් වන අතර, එම සංඛ්‍යාව 535කි.
ඊට අමතරව නාවික හමුදාවේ 63 දෙනෙකුද, ගුවන් හමුදාවේ 81 දෙනෙකුට මෙම අත්අඩංගුවට ගත් පිරිසි අතර සිටියි.
පසුගිය මස 22වනදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා පවසා සිටියේ ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට තමන් නියෝග කළ බවයි.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.