විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අද (ජුලි 8 වැනිදා) දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මෙම දැනුම් දීම සිදු කරනු ලබුවාය.
අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් ඇය සඳහන් කළාය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කරමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේවනවිට කැඳවා තිබේ.
ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීය.
මේ වනවිට නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබ තිබේ.
ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
BBC සිංහල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.