උගන්ඩාවේ වාහන කිහිපයක් එකට ගැටී 60කට වැඩියෙන් මරුට
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
2025 වසරේ ගත වූ පළමු මාස 07 තුළ යොවුන් වියේ ගැබ් ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 44ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
මේ වසරේ ජනවාරි පළමු වන දින සිට ජුලි මස 31 වන දින දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවත් එම කාලය තුළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ළමුන් සම්බන්ධ පැමිනිලි 5,461ක් ලැබී ඇති අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනතට අදාළ පැමිණිලි 4,501ක් සහ පනතට අදාළ නොවන පැමිණිලි 960ක් ඒ අතර වන බව සඳහන්ය.
මේ වසරේ පළමු මාස 7 තුළ ළමුන් බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 141ක් ලැබී ඇති අතර ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 330ක් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 32ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.
අදාළ කාලය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි වන අතර එම සංඛ්‍යාව 1,126ක් වේ.
ළමුන් සිගමනේ යෙදීම සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇති අතර ළමා ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් පැමිණිලි 82ක් ලැබී තිබේ.
මේ වසරේ ගත වූ පළමු මාස 7 තුළ ළමයින්ට එරෙහි සයිබර් හිංසන 81ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති අතර සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 10ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 63ක් ලැබී ඇති අතර ළමා විවාහ තුනක් සහ ගබ්සා කිරීම් එකක් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්ව තිබේ.
බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බවත් අක්‍රීයව පැවති සියලුම රජයේ මාර්ගගත සේවා අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට විවෘත බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දෙයි.