විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසයි.
මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍යට කරුණු දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"මැතිවරණයට අදාළව පැමිණිලි 173ක් වාර්තා වෙලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවට. එම පැමිණිලි අපි වර්ග කරනවා අපරාධමය ස්වභාවයේ පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ පැමිණිලි කියලා. මැතිවරණ නීති උල්ලංගනය කිරීම්වලට අදාළය පැමිණිලි 119ක් අපරාධමය ස්වභාවයේ පැමිණිලි 54ක් විදියට මේ 173 වර්ග කරලා තියෙනවා. විශේෂයෙන්ම පහරදීම් අනර්ථය සිදුකිරීම් ගිනි තබා යම් කිසි ආකාරයකට විනාශ කිරීම් වැනි දේවල් . මේ වන විට ආධාරකරුවන් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පෞද්ගලික වාහන 4ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.