ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209 දෙනකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මින් තුන් කෝටියකට ආසන්න මුදලක් පසුගිය වර්ෂය වනවිටත් අයකරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මීට අමතරව විදෙස්ගතව සිටින විශ්‍රාමිකයන් 118 දෙනෙකුට පසුගිය 2022 සහ 2023 වර්ෂ වලදී රුපියල් 33 ලක්ෂයකට වැඩි මුදලක් ආදේශීය ලේකම් කාර්යාල 14කින් වැඩිපුර ගෙවා තිබූ බව පවසන විගණන කාර්යාලය පසුගිය වසරේ අවසානය වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල එකොළහකින් විශ්‍රාමිකයන් හැත්තෑ නව දෙනෙකුගෙන් රුපියල් පහළොස් ලක්ෂයකට වැඩි මුදලක් අය කර ගත යුතුව පැවතුණු බවත් සඳහන්කරයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
(lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.