ගම්පොළ කර්මාන්ත ශාලාවක ගින්නක් (VIDEO)
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ රෝහල අසල පිහිටි කුඩ කර්මාන්ත ශාලාවක අද (28) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.
එමෙන්ම පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අධිකරණය අනුරාධපුර පොලීසියට නියොග කර ඇත.
අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව, අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ රෝහල අසල පිහිටි කුඩ කර්මාන්ත ශාලාවක අද (28) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා අද (28) වරෙන්තුවක් නිකුත් කර තිබේ.