ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත මෙහෙයුම අද(23) සිට ආරම්භ වෙයි.
ඒ සඳහා රථ වාහන නිලධාරින් 7,000කට අධික පිරිසක් අනුයුක්ත කර ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, එම විශේෂ මෙහෙයුම උත්සව සමය අවසන් වන තුරු ක්‍රියාත්මක බවයි.
පැය 24 පුරා අවරණය වන පරිදි මෙහෙයුම ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කළේ ය.
රථ වාහන වැරදි පිළිබඳව මහජනතාවට ද දැනුම්දීමට අවස්ථාව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මේ අතර, අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීතී උල්ලංඝණය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට දුරකතන අංක 2ක් පොලිසිය දැනුම් දෙයි.
පොලිසිය පැවසුවේ, 119 හා 1997 යන කෙටි දුරකතන අංකවලට මේ පිළිබඳ දැනුම් දිය හැකි බවයි.
එම අංකවලට අමතරව අදාළ ප්‍රදේශය අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරියාගේ ජංගම දුරකතන අංක වෙත තොරතුරු ලබා දිය හැකියි.
මීට අමතරව මාර්ග නීති උල්ලංඝණය කිරීම හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද වට්ස්ඇප් මඟින් යොමු කිරීමේ හැකියාව ඇතැයි ද පොලිසිය පැවසුවේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.