ට්‍රම්ප්ගෙන් රටවල් 12කට තහනමක්
ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම සඳහන් කරමින් රටවල් 12 ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන ලියවිලිවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනපතිවරණ ඡන්ද විමසීම අද (05) සිදු කිරීමට නියමිත යි.
රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් උපජනාධිපති කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලෙස කරට කර තරගයක නිරත වේ.
මෙරට වේලාවෙන් අද පස්වරු 5ට පමණ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වනු ඇති.
මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධිකයි.
අමෙරිකානු මැතිවරණ නීතියට අනුව සිය මනාපය කළින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වීම හේතුවෙන්, ඡන්ද දායකයින් මිලියන 78කට වැඩි පිරිසක් දැනටමත් සිය ඡන්දය පළ කර ඇතැයි එරට බලධාරීන් පැවසීය.
මීට අමතරව චේස් ඔලිවර්, ජිල් ස්ටයින් සහ කොර්නල් වෙස්ට් තෙවැනි පාර්ශ්ව සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස ජනධිපතිවරණයට එක්ව සිටින බව විදෙස් වාර්තාවල සඳහන් විය.
"ස්වින්ග් ස්ටේට්ස්" ලෙස හැඳින්වෙන, අමෙරිකාවේ ප්‍රාන්ත 7ක බලය තහවුරු කරගැනීමට ප්‍රධාන අපේක්ෂකයින් පසුගිය මාස කිහිපයේ දැඩි සටනක නිරත වුණි.
"ස්වින්ග් ස්ටේට්ස්" ලෙස හැඳින්වෙන්නේ, ඇරිසෝනා, ජෝර්ජියාව, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියාව සහ විස්කොන්සින් යන ඡන්දයේ තීරණාත්මක ප්‍රාන්තයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම සඳහන් කරමින් රටවල් 12 ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන ලියවිලිවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
2025 IPL ශූරයන් බවට පත්වූ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු චින්නස්වාමි ක්‍රීඩාංගනය අසල අද (4) පැවති සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දියාව පකිස්ථානයේ ස්ථාන 09කට අද (07) අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාර නිසා පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.