හිටපු ජනපති වරප්‍රසාද කප්පාදුව : පනත් කෙටුම්පත ගැසට් කරයි
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි "1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත" ගැසට් කර තිබේ.
මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැසූ ජනාධිපතිවරයාට අද දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ වේදිකාවල රටේ ජනතාවට දුන් පොරොන්දු අනුව බදු බර අඩු කරන තෙක් රටම බලා සිටි බවත් සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අයි එම් එෆ් සමග සිදු කළ සාකච්ඡා වලින් පසු බදු අඩු වෙයි කියා අපේක්ෂා කළත් එවැනි දෙයක් නොවු බවත් වැට් බදු සෘජු හා වක්‍ර බදු අඩු කරන්න නොහැකි වු බවත් දෙමටගොඩ දී අද (30) පැවති ජන හමුවකදී ඔහු පැවසීය.
අයි එම් එෆ් ඊලග සලකා බැලීම කල් දා ඇති බවත් බදු බර අඩුකර රට ඉදිරියට යාමටත්, හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම වෙනස් කිරීමටත් අයි එම් එෆ් සමග සාකච්ඡා කළ යුතු බවත් ඔහු පැවසීය .
සමගි ජන බලවේගය විපක්ෂයේ සිට අයි එම් එෆ් සමග අවස්ථාව රැසකදී සාකච්ඡා පවත්වා ජනතා වරමින් මේ ගිවිසුම සංශෝධනය කරන බවට පැවසු බවත් ඔවුන් එයට එකග වී ජනතාව පීඩනයට පත් කරන වැඩපිළිවෙළ ඉවත් කරන්න පොරොන්දු වු බවත් ඔහු සඳහන් කළේය.
ඒ සඳහා මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඒ තුළින් නව අයි එම් එෆ් ගිවිසුමකට යා හැකි බවත් ඔහු පැවසීය.
හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව අයිඑම්එෆ් ණය ගෙවීම 2028 දක්වා අඩු කර ගිවිසුම් ගතව ඇති බවත් තවත් වසර 4කින් එම ණය ගෙවීම මේ ආකාරයෙන් නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්න නම් ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් සජිත් ප්‍රේමදාස පැවසීය.
නව ගිවිසුම හරහා 2033 සිට ණය ගෙවන්න හැකි බවත් ඒ කාලය වන විට සෘජු විදේශ සංචිත වැඩි කර ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.
මේ වන විට මතුව ඇති ජාතික ආරක්ෂාව ගැන ප්රශ්නය නිසා සංචාරක කර්මාන්තය අඩපණ වුවහොත් ණය ගෙවීමට නොහැකි වනු ඇති බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ බහුතර ආණඩුවට මේ ගිවිසුම සංශෝධනය කරමින් ජනතාවගේ හිසමත පීඩනය පටවන යෝජනා ඉවත් කළ හැකි විය යුතු බවත් සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි "1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත" ගැසට් කර තිබේ.
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.