ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කර තිබේ.
ඒ වනජීවී අමාත්‍යාංශය මගින් අලි අගල් කැපීමේ ව්‍යාපෘතියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳ වූ අවස්ථාවේදීයි.
පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය පැවසුවේ මේ වන විට පවතින අලි අගල් පිළිබඳ තොරතුරු කිසිවක් නොමැති බවයි.
පෙත්සම ලබන මාර්තු මස 27 වනදා කැඳවීමට ද නියම විය.
අලි අගල් කැපීමේ මුවාවෙන් මහා පරිමාණ වැලි ජාවාරම් සිදුවන බවත් මේ නිසා අලි ඇතුන් දරුණු අනතුරුවලට භාජනය වීමේ තත්ත්වයක් උද්ගත වී තිබෙන බව ත් පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.
මේ තුළින් දැවැන්ත පාරිසරික විනාශයක් සිදුවන බවත් එබැවින් අදාළ කටයුතු අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් මෙම අලි අගල් කැපීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.