ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාවට 20%ක් දක්වා අඩුවෙයි
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
උතුරේ දේශපාලන නායකයෙක් ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්ව වැඩකිරීමට සූදානමින් සිටින බව තමාට සහතික කළේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඊයේ (13) තලවතුගොඩ ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ අපේක්ෂක හමුවකදී ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.
"අපි මේ ගමන් කරමින් තිබෙන්නේ ශක්තිමත් දේශපාලන බලයක් අත්පත් කරගැනීම සඳහා සංක්‍රාන්ති අවධියක. සමහර තීන්දු තීරණ සමහර ක්රියාකාරිත්වයන් සඳහා මීට වඩා ප්‍රබල දේශපාලන බලයක් අපට අවශ්‍යයි.
2010දී මහින්ද රාජපක්ෂයට පාර්ලිමේන්තුවෙන් 2/3 බලයක් ලැබුණා. ඉන් අවුරුදු 5කට පසුව ඔවුන් පරාජයට පත්වුණා. 2020දී ගොඨාභය රාපක්ෂයට 2/3ක බලයක් ලැබුණා. හැබැයි අවුරුදු දෙක හමාරේදි පාර්ලිමේන්තුවේ 2/3 බලය සීසීකඩ ගියා. ජනාධිපතිවරයාට ගෙදර යන්න වුණා.
ඒ නිසා ශක්තිමත් බලය කියලා කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ නිර්මාණය වන ඔළුගෙඩි ප්‍රමාණය පමණක් නෙමෙයි.
උතුරේ ප්‍රධාන දේශපාලන නායකයෙක් අපට මුණගැහුණා. ඔහු කිව්වා එළැඹෙන මහ මැතිවරණයෙන් පසුව ඔහුගේ කණ්ඩායම ජාතික ජන බලවේගය සමග වැඩකරන්න කැමතියි කියලා. ඒ වගේම ඔවුන් අපිත් එක්ක වැඩකරන්නේ නැත්නම් උතුරේ ජනතාව අපිත් එක්ක වැඩකරන්න සූදානම් වෙලා අවසන් කියලා කිව්වා".
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි "1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත" ගැසට් කර තිබේ.
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.