කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ට පහසු දිනයක ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබේ.
නිල සංචාරයක් සඳහා මෙරටට අද (4) උදෑසන පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් එම ආරාධනය සිදුකර ඇත. මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණි.
ජනාධිපති අනුර දිසානායක හමුවීමෙන් අනතුරු ජයිශංකර් X පණිවිඩයක් තබමින් පවසා සිටියේ, ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා සඳහා අනුර කුමාර දිසානායක ගේ මඟපෙන්වීම අගය කරන බවය. තව ද, දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳව නායකයින් දෙපොළ මෙහිදී සාකච්ඡා කර තිබේ.
අග්‍රාමාත්‍ය හරිනි, රනිල් සහ සජිත් හමුවෙයි

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවී තිබේ.
සංචාරය අතරතුර එස්. ජයශංකර් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද හමුවී සාකච්ඡා කර පවත්වා ඇත.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ද හමුවුණි.
මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පළමුව මෙරට සංචාරයක නිරත වූ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.