පළාත් රැසකට දහවල් 1න් පසු වැසි
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා මේ වනවිට බිඳ වැටෙන තත්ත්වයකට පත්ව තිබේ.
ඒ, ඊට අදාළව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙනි.
මහ මැතිවරණය වෙනුවෙන් එක්ව තරග කිරීම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා පසුගියදා ආරම්භ විය.
ඒ අනුව සාකච්ඡාවට අටක් පමණ මේ වනවිට පවත්වා ඇති නමුත්, සමගි ජන බලවේගයේ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යාම අසීරු තත්ත්වයට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එම කොන්දේසි බවට සඳහන් වන්නේ සමගි ජන බලවේගයේ ලාංඡනය වන ටෙලිෆෝනය යටතේ මැතිවරණයට තරග කළයුතු බව සහ හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව සන්ධානය තුළ නොසිටිය යුතු බවය.
කෙසේ වෙතත්, ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට ලැබුණු ඡන්දවලින් බහුතරය පෞද්ගලිකවම ඔහුට ලැබුණු ඡන්ද ලෙස සැලකෙන බැවින් ඔහු නොමැති දේශපාලන සන්ධානයකට කිසි ලෙසකින් හෝ එකඟවීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ මතය වී ඇති බව වාර්තා වේ.
එසේම, සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති තවත් කොන්දේසියක් වන්නේ නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට පිරිනැමිය යුතු බවය.
එම යෝජනාවට ද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ විරෝධය එල්ල වී තිබේ.
පවතින තත්ත්වය හමුවේ දෙපාර්ශ්වය සන්ධානගතවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
මෙවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ තවදුරටත් පක්ෂ නායකත්වයේ කටයුතු කළ යුතු බවට යෝජනාවක් ඊයේ (28) රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ නෙළුව ආසන බල මණ්ඩලයේදී සම්මත කර ගැනුණි.
කෙසේවෙතත්, දෙපාර්ශ්වය අතර සාකච්ඡා සඳහා තවදුරටත් ඉඩකඩ විවෘතව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේය.
මේ අතර, ගම්පහ පැවති සමගි ජන බලවේගයේ පාක්ෂික හමුවකට එක්වෙමින් දෙපාර්ශ්වය සන්ධානගතවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ රනිල් වික්‍රමසිංහ ට ගෞරවනීය ලෙස විශ්‍රාමයන ලෙසට කිහිපවතාවක්ම ඉල්ලා තිබෙන බවය.
මේ අතර, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ දේශපාලන මණ්ඩලය අද (29) රැස්වූ අතර, ඔවුන් එහිදී තීරණය කර ඇත්තේ සමගි ජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමටය.
මහ මැතිවරණයේදී උතුරු - නැගෙනහිරට අමතරව කොළඹ ඇතුළු දෙමළ ජනතාව ජීවත්වන අනෙකුත් ප්‍රදේශවලත් තරගවැදීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය සලකා බලමින් සිටින බව එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් පවසයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.