ට්‍රම්ප්ගෙන් රටවල් 12කට තහනමක්
ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම සඳහන් කරමින් රටවල් 12 ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන ලියවිලිවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඉරානයේ උත්තරීතර නායකයා සඳහන් කර ඇත්තේ පළිගැනීමකින් තොරව මෙම මරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි බවය.
කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ පවසා ඇත්තේ හිස්බුල්ලා නායකයාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි.
මේ අතර ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ ටෙහෙරාන් අගනුවර විරෝධතාවක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සිසුන් පෙරමුණ ගෙන ඇති මෙම විරෝධතාවයේ දී ලෙබනනය ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ලකරන ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනතාව සිය විරෝධය පළ කර තිබේ.
හිස්බුල්ලා සංවිධානයේ මෙන්ම හමාස් සංවිධානයේ නායකයින්ගේ සහ ඉරාන නායකයින්ගේ රුව රැගත් පෝස්ටර් අතැතිව පිරිස විරෝධතාවේ නිරත ව තිබුණි.
ටෙහෙරාන් අගනුවර පැවති විරෝධතාවට සමගාමීව නගර රැසකදීම විරෝධතා පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එසේම, ලෙබනනය ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රියේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් 15 දෙනකු මියගොස් ඇති බව ලෙබනනයේ මාධ්‍ය වාර්තා කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම සඳහන් කරමින් රටවල් 12 ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන ලියවිලිවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
2025 IPL ශූරයන් බවට පත්වූ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු චින්නස්වාමි ක්‍රීඩාංගනය අසල අද (4) පැවති සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දියාව පකිස්ථානයේ ස්ථාන 09කට අද (07) අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාර නිසා පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.