බන්ධනාගර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා වගකියන බවත් තම රජය යටතේ රාජ්‍ය නිලධාරීන් චෝදනාවලට ලක් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට පැකිලෙන්නේ නැති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
අද(28) මහනුවර දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මහ මැතිවරණය සඳහා ඔබලාගේ සූදානම කොහොමද?
මහ මැතිවරණය සඳහා අප හොඳින් සූදානම් විය යුතුයි. ජනාධිපතිවරණයේදී අපට ලබා දුන් ජයග්‍රහණය තවත් විශිෂ්ට ලෙස ලබාදී රට හදන්න හැකි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා එවනු ඇතැයි අප විශ්වාස කරනවා.
ප්‍රශ්නය:-
තුන් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයට රටේ වගකීම ඉටු කරගන්න හැකිවේද?
පිළිතුර:-
අප මෙය බාර ගත්තේ ඒ කැපකිරීම කරන්න සූදානමින්. අප මේ කාලයේදී ඒ වගකීම බාර ගත්තා.
ප්‍රශ්නය:-
රජයේ ඉහළ තනතුරු සඳහා චෝදනා ලත් නිලධාරීන් පත් කර තිබෙන බවට යම් චෝදනාවක් නැගෙනවා.
පිළිතුර:-
අපේ පාලනය යටතේ යමෙකු චෝදනාවලට ලක් වුණොත් ඒ සම්බන්ධව ක්‍රියා කරන්න පැකිලෙන්නේ නැහැ.අප දැනටත් සාධනීය වෙනස්කම් සිදුකරමින් සිටිනවා. ඉදිරියටත් එවැනි වෙනස්කම් කරනවා.
ප්‍රශ්නය:-
චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?
පිළිතුර:-
ඔවුන් අතුරින් ද සමහර අය ගැන දැනටමත් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අපට රාජ්‍ය සේවකයන් පිටින් ගෙනෙන්න බැහැනේ . ඉන්න අය සමග වැඩ කළ යුතුයි. අප පත් කරන අයට අපි වග කියනවා.
ප්‍රශ්නය:-
අධ්‍යාපනය විධිමත් අයුරින් ක්‍රියාත්මක නොවන බවට සමාජයේ මතයක් තිබෙනවා. එය විධිමත් කරන්නට වැඩපිළිවෙළක් තිබෙනවාද?
පිළිතුර:-
මට ජාතික පාසල්වල විදුහල්පතිවරුන් මුණ ගැසෙන්නට අවස්ථාවක් ලැබුණා. ජාතික ජන බලවේග ආණ්ඩුවට අධ්‍යාපනය යනු ප්‍රමුඛ කාර්යභාරයක්. අද අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය හොඳටම බිඳ වැටිලා. අපගේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ඒ බිඳ වැටුණු විශ්වාසය නැවත ගොඩනැගීමයි. දරුවන්ට සතුටින් පාසල වෙත යාමට පසුබිම සැකසිය යුතුයි. මාපියන්ටත් අධ්‍යාපනයේ බරක් නොවිය යුතුයි. ගුරුවරුන්ටත් තම වෘත්තිය සතුටින් කරගෙන යාමට පසුබිම සැලසිය යුතුයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.