පළාත් රැසකට දහවල් 1න් පසු වැසි
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනතාවට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට කැප වන ලෙසත්, විදෙස් ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් පත් කිරීමටත්, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (26) ජනාධිපති කාර්යාලයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවක දී මෙලෙස උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ අනුව, පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.
ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද උපදෙස් දී තිබේ.
මෙම සියලු කටයුතුවලදී ජනාධිපතිවරයා ලෙස තම පූර්ණ සහාය ලබා දෙන බව ද ජනාධිපති එහිදී අවධාරණය කළේ ය.
මේ අතර , විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් 800 සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා විදුලිබල අමාත්‍යාංශය මගින් සකස් කරන ලද මාර්ග සිතියමක් හරහා එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිතුමා විදෙස් ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
එම කමිටුව හරහා විදෙස් ආධාර මත සිදු කරන ව්‍යාපෘති කඩිනම් කිරීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මේ අතර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර ගමට මුදල් යෑමේ ක්‍රමවේදය කඩිනමින් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ හැකි බව පැවසීය.
මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන්ට මහත් කාර්යභාරයක් පැවරී ඇති බවත්, ඒ වෙනුවෙන් සියලුදෙනා කැපවී කටයුතු කරනු ඇති බවටත් ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.