මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ වන විටත් සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේය.
අනිද්දා (21) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද විමසීම පැවැත්වේ.
ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වු අතර මැතිවරණය පැවැත්වෙන කාලසීමාව දක්වා වු කාලය නිහඬ කාලය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.
ඡන්ද දායකයෙකු ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමේ දී රැගෙන යා යුතු දේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මෙසේ පැහැදිලි කළේය.
"ඔබ අනිවාර්යෙන්ම හැඳුනුම්පත, නිල ඡන්ද පත්‍රිකාව සමග රැගෙන යා යුතුයි. පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ජාතික හැඳුනුම්පත, ඒ වගේම වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රයක් රැගෙන යා හැකියි. මේ වන විටත් වලංගු බලපත්‍ර එලෙස රැගෙන යා හැකියි. පුජක පක්ෂය වෙනුවෙන් නිකුත් කරන හැඳුනුම්පත භාවිත කළ හැකියි. විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත හා ආබාධිත ඡන්ද දායකයින් සඳහා කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත හෝ කිසිදු හැඳුනුම්පතක් නොමැති නම් ග්‍රාම නිලධාරීවරයා හරහා කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත යන ඕනෑම එකක් ඡන්දය දැමීමට වලංගු වේ."
ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක,
"යම් කෙනෙකුට ඡන්ද භාවිත කිරීමට අවශ්‍ය නම් කතිරය ලකුණ භාවිත කළ හැකියි. පහුගිය මැතිවරණ හා සමානව කතිර ලකුණ කොමිෂන් සභාව පිළිගනු ලබනවා. ඊට අමතරව අරාබි ඉලක්කම් 1 ලකුණ යොදා ඔබට ඡන්දය භාවිත කළ හැකියි. ඔබට යම් අයෙකුට මනාප සලකුණු කරන් අවශ්‍ය වන්නේ, නම් අනිවාර්යයෙන්ම අරාබි ඉලක්කම් 1 සහ අරාබි ඉලක්කම් 2න් එක් මනාපයකුත් අවශ්‍ය නම් මනාප දෙකක් ලකුණු කිරීමේ හැකියාව තියෙනවා. තුනෙන් දෙවැනි මනාපයත් ලකුණු කළ හැකියි. යම් අයෙකුට මනාප ලකුණු කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔබ අරාබි ඉලක්කම් 1,2,3 භාවිත කළ යුතුයි. මෙයින් බැහැරව කුමක් භාවිත කළත් එය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සැලකේ."
මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් හට ඒවා ලබා ගැනීම සඳහා ලබන සෙනසුරාදා දිනයේ ද තැපැල් කාර්යාල විවෘතව තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් https://eservices.elections.gov.lk ඔස්සේ මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.