ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාවට 20%ක් දක්වා අඩුවෙයි
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
එළැඹෙන 21 දින ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වා දී ඇත.
ඒ අනුව රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත අදාළ සිදුවීම් නොපමාව වාර්තා කරන ලෙසත් කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර, මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව තේරීම්භාර නිලධාරීන් විසින් අදාළ ඡන්ද පෙට්ටි එළඹෙන 20 වෙනිදා ඡන්ද මධ්‍යස්ථාන සදහා නිකුත් කරනු ඇති.
ඡන්ද පත්‍රිකාව ප්‍රමාණයෙන් විශාල වීම හේතුවෙන් මෙවර ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝට් පෙට්ටි භාවිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.
ඒ අනුව ප්‍රමාණ 3කින් කාඩ්බෝඩ් පෙට්ටි නිර්මාණය කර ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි "1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත" ගැසට් කර තිබේ.
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.