විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ ජන රැලියක් කුරුණෑගලදී ඊයේ (15) පැවැත්වුණි.
"මීට මාස කිහිපයකට පෙර රාජ්‍ය සේවකයාට හෝ කාටහරි පඩි වැඩිකරනවා නම්, බදු වැඩිකරන්න ඕනේ කියපු අයත් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල, පඩි වැඩිකරන්න අද කතා කරලා තියෙනවා. එකට එකක් පරස්පර විරෝධී ප්‍රතිපත්ති හැම අපේක්ෂකයෙක්ම ගිය මාස දෙක තුන අතර ප්‍රකාශ කරලා තියෙනවා. මට හිතාගන්න බැරි ඔවුන් රවට්ටන්න හදන්නේ, තමන්වද ? ඡන්දදායකයා ද? කියන කාරණය. අපි කරන්න පුළුවන් දේ පුළුවන් කියනවා. බැරි දේ බැහැයි කියනවා. අපේ තාත්තා අපිට උගන්වලා තියෙන්නේ ඒ විදියට. අපි අභියෝගවලට බය නෑ. අපි අභියෝගවලට ආදරේ කරනවා. අපි නූතනත්වයට යන්න ඕනේ නම්, නවීකරණය වෙන්න ඕනේ. නවීකරණය කියන්නේ නූතන රාජ්‍ය යාන්ත්‍රණය තාක්ෂණය එක්ක බද්ද කරන එක. මේ දරුවන්ට අවශ්‍ය සංවර්ධනය, දරුවන්ට අවශ්‍ය හෙට දවස, දරුවන්ගේ අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ ඉගෙන ගන්න දෙයින් තෘප්තිමත්ව, සතුටින් රස්සාවක් කරන්න පුළුවන්, හොඳ ආදායමක් ලබන්න පුළුවන් ආර්ථික පසුබිමක් හදන එක. අපි අද තීන්දු තීරණ ගන්නේ වර්තමානයේ අපේ වයස්වල ඉන්න තරුණ තරුණියන් වගේම ශිෂ්‍යත්වය ලියන දරුවන්ට වගේම, හෙට උපදින දරුවන් වෙනුවෙන් මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් එක්ක බව ඔබලාට වගකීමෙන් ප්‍රකාශ කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.