ගම්මන්පිල CIDයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
තම රජයක් යටතේ සමෘද්ධි ව්‍යාපාරය සවිමත් කිරීමට පියවර ගන්නා බවත් සමෘද්ධිලාභියා ව්‍යවසායකයෙක් බවට පත්කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ අද (26) පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
"සමෘද්ධි ව්‍යාපාරය තුළ තමයි මේ රටේ ග්‍රාමීය ආර්ථිකය වගේම අහිංසක දෙමාපියන්ව දුප්පත්කමින් එළියට ගන්න පුළුවන් වැඩපිළිවෙල තියෙන්නේ. පැහැදිලිවම මම හදන ආණ්ඩුවක් තුළ සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි සමෘද්ධිලාභියාව ව්‍යවසායකයෙක් බවට පත්කරනවා. සමෘද්ධි පවුලේ දරුවට දේශීය විදේශීය රැකියා වෙළඳපොළට යන්න පුළුවන් අවකාශය හඳනවා. අපි ආයෝජකයෝ ගමට ගේනවා. රැකියා උත්පාදනය කරන්න අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරනවා. අපි හදන ආණ්ඩුවක් තුළ සෑම මැතිවරණ කොට්ඨාසයකටම කර්මාන්තයක්, කර්මාන්තයකට ආයෝජනය කරන්න පුළුවන් අවකාශය නිර්මාණය කරනවා".
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.