විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ද ඉහළ යාමක් පසුගිය දින කිහිපය තුළ වාර්තා වන බවය.
"කැස්ස හුස්ම ගැනීමේ අපහසුව තියෙනවා නම් මේක ළමා හතිය ඇති වීමක් වෙන්න පුළුවන්. දෙවනුව වෛරස් උණ පැතිරයෑමේ හැකියාවකුත් තියෙනවා. දැනටත් ඉන්ෆ්ලුවෙන්සා සහ ඒ හා සමාන වෛරස් උණ කිහිපයක් පැතිරිලා තියෙනවා. විශේෂයෙන් ඉහළ ස්වසන මාර්ගයේ වෛරස් උණ තමා පැතිරිලා තියෙන්නේ. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකියි. ඒ නිසා පුළුවන් තරම් කැස්ස, හෙම්බිරිසාව, උණ තියෙනවා නම් ඒ දරුවන්ව ගෙදර තියා ගන්න. රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ අයට මාස්ක් එකක් පලඳවන්න. ඊට පස්සේ ළමා හතියත්, ස්වසන රෝගත් වැඩිවීම ගැන අපි කල්පනාකාරී විය යුතුයි. රාත්‍රී කාලයේ කැස්ස ඇති වෙනවා නම් ඒක ළමා හතිය වෙන්න පුළුවන්. කැස්ස, උණ සමග පපුව රිදෙනවා නම් උණ දිගටම පවතිනවා නිව්මෝනියා තත්ත්වයට පත්වෙලා ද කියලා සොයා බැලිය යුතුයි. ඉහළ ස්වසන මාර්ගයේ සහ පහළ ස්වසන මාර්ගයේ රෝග වැඩිවෙන්න පුළුවන් සීතල සමගම. ඒ නිසා ළමයින්ව පරිස්සම් කරගන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.