මහෙස්ත්‍රාත්-දිසා විනිසුරු ඇතුළු අධිකරණ නිලධාරින් 106කට ස්ථාන මාරු
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ, අලි ගහණය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය අද ආරම්භ කෙරෙන අතර එය අද(17), හෙට (18) සහ අනිද්දා යන දිනවලදී සිදු කෙරේ.
රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3130 කදී මෙම අලි ඇතුන් නිරීක්ෂණය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබේ.
මෙම සමීක්ෂණයේදී දත්ත රැස්කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය, වෙනත් රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලය, ආරක්ෂක හමුදා සාමාජිකයින්, පුද්ගලික අංශයේ විවිධ ආයතනවල සේවා නියුක්තයන්, උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් හා ස්වකැමැත්තෙන් සහභාගි වන්නන් යොදාගැනෙන බවට වාර්තා වේ.
මෙම වනඅලි සංගනනය හේතු කරුණු කිහිපයක් නිසාවෙන් කල් දමන ලෙසට වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ඉකුත් දා ඉල්ලීමක් ද කර තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද දිනයේ ද කථානායකවරයා පිළිනොගැනීම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පළ කිරීමෙන් පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම් තත්ත්වය නිසා කථානායකයවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල්තැබීය.
"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.