ප්‍රමිතියකින් තොර ඖෂධ අලෙවි සැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
මානව ජලභීතිකා රෝගය පිළීබඳ ප්‍රජාවගේ දැනුවත්භාවය ප්‍රමාණවත් නොවන බවත් ජනතාව තුළ ජලභීතිකා රෝගය පිළිබඳ අවබෝධය ඇති කිරීම ඉතා ම වැදගත් බවත් වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ (15) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමිනි.
ජලභීිතිකා රෝගය 100% මාරාන්තික රෝගයක් බවත් රෝග ලක්ෂණ මතු වූවාට පසු ජීවිතයක් බේරා ගැනීම අපහසු කාර්යයක් බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. නමුත් ජනතාව මේ සම්බන්ධයෙන් නිසියාකරව දැනුවත් වුවහොත් මෙම රෝගය වළක්වා ගත හැකි බවත් ඔහු පැවසීය.
ජලභීතිකාව බෝ කළ හැකි ක්ෂීරපායි සතෙකුගේ (බල්ලන්, බළලුන්, නරියන්, දඩු ලේනන්, උරුලෑවන්, කැලූ බළලුන්, මුගටියන්, ඌරු මීයන්, උගුඩුවන්) සපා කෑමක් හෝ පවතින තුවාලයක් මත එවැනි සතෙකුගේ කෙල තැවරීම මෙන්ම ශ්ලේස්මල පටල හරහා වුව ද (ඇස් මුඛය නාසය ආශ්රිත) මෙම වෛරසයට අපගේ ශරීරයට ඇතුළු වීමේ හැකියාව පවතින බව වෛද්‍යවරයා සඳහන් කරයි.
මෙම වසරේ මේ දක්වා ජලභීතිකා වෛරසය ශරීරගත වීිමෙන් මෙරට පුද්ගල මරණ 11ක් සිදුව ඇති බවත් එම සියලු ම මරණ සිදුව ඇත්තේ ජලභීතිකාව වැළැක්වීම සඳහා ලබා දෙන ප්‍රතිකාර නිසියාකාරව ලබා නොගැනීම නිසා බව ද ඔහු අවධාරණය කරයි.
රෝගය වළක්වා ගැනීමට කටයුතු කිරීම ඉතා ම වැදගත් බව පෙන්වා දෙන වෛද්‍යවරයා පවසන්නේ එවැනි සතෙකුගේ සපා කෑමකට ලක් වුවහොත් හෝ තුවාලයක් මත ඛේටය තැවරුනහොත් එම තුවාලය සබන් හා වතුර යොදා හොදින් විනාඩි 05ක් වත් ගලායන ජලයෙන් සේදිය යුතු බවයි. ඉන් අනතුරුව අයඩීන් ද්‍රාවණයකින් හෝ සරිජිකල් ස්ප්‍රීතු මගින් තවදුරටත් තුවාලය පිරිසිදු කළ යුතු අතර අනතුරුව වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන් කළ යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැද අද දින මකුළුගස්වැව පොලීසියට භාරදීමට ගල්කිරියාගම හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් ක්‍රියාකොට තිබෙනවා.
පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වරදකරුවන් වන අය අතර වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්රියාක්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.