රුසියාවට එන්නැයි පුටින් ගෙන් කිම්ට ආරාධනා!
බීජිං හි අද (3) පැවති හමුවෙන් පසු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් ජූලි මස බංග්ලාදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් දිවි අහිමි වූවන්ට යුක්තිය ඉල්ලා පොලිසිය සහ ශිෂ්‍ය විරෝධතාකරුවන් අතර නැවතත් ගැටුම් හටගෙන තිබේ.
ඊසානදිග සිල්හෙට් නගරයේ බලධාරියකු BBC පුවත් සේවයට පැවසුවේ විරෝධතාකරුවන් පොලිසියට පහර දුන් බැවින් බදාදා දින (31) කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවුණු බවයි.
ඩකා අගනුවර සහ අනෙකුත් නගරවල ද ගැටුම් හටගෙන ඇත.
ජූලි මාසයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, වැඩි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පොලිස් වෙඩි තැබීම් හේතුවෙනි. 10,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය කැරලි මර්දන ආම්පන්න සහ බැටන් පොලුවලින් විරෝධතාකරුවන්ට පහර දෙන ආකාරය, උද්ඝෝෂණ අවහිර කිරීම සහ විරෝධතාකරුවන් රැගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර විරෝධතාකරුවන් ගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන් බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බීජිං හි අද (3) පැවති හමුවෙන් පසු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අන්ත දක්ෂිණාංශික සබඳතා සහිත මෙන්ම "වෛරය පතුරුවන" බවට ඕස්ට්‍රේලියානු රජය විසින් හෙළා දුටු සංක්‍රමණ විරෝධී රැලි සඳහා රට පුරා ඕස්ට්‍රේලියානු ජාතිකයන් දහස් ගණනක් සහභාගී වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව සහ යුක්රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.