ඒ අනුව, අද සිට අගෝස්තු 14 දක්වා සෙනසුරාද සහ ඉරිදා දින හැර සතියේ දිනවල පමණක් උදැසන 8.30 සිට පස්වරු 4.15 දක්වා ඇප මුදල් තැම්පත් කළ හැකි බවයි එහි දැක්වෙන්නේ.
අගෝස්තු 14 වැනිදා පමණක් මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැම්පත් කිරීමට හැකියි.
අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවේ රුපියල් 50000.00 මුදලක් ඇප ලෙස තැන්පත් කළ යුතු යි.
අදාළ අපේක්ෂකයා වෙනත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් හෝ නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවේ තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් 75,000ක්.