චිකුන්ගුන්යා රෝගයේ වසංගත අවධානමක්
මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගයේ වසංගත තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අඟහරුවාදා හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබේ.
මෙරට වාමාංශික දේශපාලනයේ සලකුණක් වු “බාහු සහෝදරයා” ලෙස කා අතරත් ප්‍රචලිත නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිය විප්ලවවාදී දිවි ගමන නිම කර තිබේ.
කලක් රෝගාතුරව සිටි බාහු සහෝදරයා මිය යන විට 81 වැනි වියෙහි පසු විය.
වසර 18කට ආසන්න කාලයක් පේරදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළ ඔහු 1978 දී රැකියාවෙන් නෙරපා හරිනු ලැබුවේ විධායක ජනාධිපති ක්‍රමය සහිත නව ව්‍යවස්ථාවට විරෝධය දක්වමින් කළු කොඩි ඔසවමින් විරෝධය දැක්වීම නිසාවෙනි.
ජාතීන් ගේ ස්වයං නීර්ණය අයිතිය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි හේතුවෙන් සිංහල ජාතිවාදීන්ගේ වෛරයට පත්‍ර වු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අවස්ථා කිහිපයකදීම ප්‍රහාරවලට ද ලක් විය.
බාහු සහෝදරයාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි නව සම සමාජ පක්ෂය පවසන්නේ.
theleader.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගයේ වසංගත තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අඟහරුවාදා හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබේ.
වන අලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ප්‍රදේශීය පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාදෙන මෙන් වනජිවී දෙපාර්තමේන්තුව පොලිස්පති ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් අද (23) පෙරවරුවේ අතුරු ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී කථානායක ජගත් වික්‍රමරත්න ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.