සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවට
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය කඩුලු 5කින් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.
ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබේ.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15දෙනෙකු ඇතුළත් ය.
ඒ අනුව ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායිකා චමරි අතපත්තු, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරී, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්රබෝදනී, අචිනි කුලසූරිය, ඉනෝෂී ප්‍රියදර්ෂනී, කාව්‍යා කාවින්දී, සචිනි නිසංසලා, ෂෂිනි ගිම්හානී සහ අමා කාංචනා ය.
මෙවර ආසියානු කුසලාන 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ අතර තරගාවලිය ලබන 19 වනදා රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා ඇති අතර පැවැත්වෙන තරග ගණන 15කි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 20 වනදා බංග්ලාදේශය සමග පැවැත්වෙයි.
මෙම තරග ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සලසා ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය කඩුලු 5කින් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.