ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩිත ජනතාවට සුබ ආරංචියක්
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.
රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සේවාවන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන වෘත්තිය සමිති 200 කට අධික ප්‍රමාණයක් අද (8) සහ හෙට (9) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබේ.
ඒ අනුව අද සහ හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වෙමින් සියලූම සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පැවසීය.
සේවා ශ්‍රේණි භේද නැතුව රුපියල් 25000ක දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්න වන බවත් ඔහු සඳහන් කළේය. ජීවන වියදම ඉහළ යාම, බදු බර වැඩිදීම මත ඇතිවූ ආර්ථික පීඩනය වෙනුවෙන් රාජ්‍ය සේවයේ විධායක සේවයේ නිලධාරීන්ට පමණක් සීමා කරමින් රුපියල් 25000ක දක්වා දීමනාවක් වැඩිකර ඇති බවත් ඔහු පැවසීය.
ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සිදුවන බවත් ඔහු තවදුරටත් පැවසීය.
ගුරු සේවයත් ලෙඩ වෙයි
එමෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා පැවසුවේ, ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද දිනයේ සේවයට වාර්තා කළ ද හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි.
මේ අතර, සෞඛ්‍ය කේෂ්ත්‍රයට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද සංගම් මෙම වර්ජනයට සහාය නොදීමට මේ වනවිටත් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කටයුතු ගැටලුවකින් තොරව සිදුකෙරෙණු ලබනවා.
කෙසේ වෙතත්, අද දිනයේ දී වෘත්තීය සමිති නියෝජිතයින් සිදු කිරීමට නියමිත වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවය අකර්මණ්‍ය වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.
වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් නිර්දේශ කර තිබේ.
මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පමණ පාසල් යන වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.