විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විශ්‍රාම වැටුපකට හිමිකම් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයින්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් 1958 අංක 15 දරන සේවක අථසාධක අරමුදල් පනත මඟින් සේවක අර්ථසාධක අරමුදල පිහිටුවා ඇත.
වත්මන් සමාජ-ආර්ථික වෙනස්කම් වලට අනුරූපීව පනත මඟින් ආවරණය කරනු ලබන සාමාජික සංඛ්‍යාව වැඩි කිරීම සඳහා සහ සාමාජිකයන්ට ගුණාත්මක හා කාර්යක්ෂම සේවයක් ලබා දීම සඳහා වර්තමානයට ගැලපෙන අයුරින් එකී පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.