සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඹිලිපිටිය, සීතාවකපුර, කෑගල්ල හා රත්නපුරය පොලිස් කොට්ඨාස මූලික කර ගනිමින් ඊයේ (06) මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

එහිදී විවෘත වරෙන්තු සහිත පුද්ගලයින් 07 දෙනෙකු හා බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා නිලධාරින් 900කට අධික ප්‍රමාණයක් සහභාහී වී ඇත.

police-raids-sabaragamuwa.jpg

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.