විදෙස්ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 20 දෙනෙකු ඉදිරියේදී දිවයිනට රැගෙන එන බව, පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසුවේ පසුගිය මාස 7 තුළ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 11 දෙනෙකු දිවයිනට රැගෙනවිත් ඇති බවයි.

ජාත්‍යන්තර පොලීසියේ සහයෙන්, අදාළ රටවල් සමග සම්බන්ධීකරණයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ විමර්ශන සිදුකරනු ලැබේ.

newsfirst.lk

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.