කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද(11) දහවල් 12ට අවසන් වෙයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු සිදුවන බවයි.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම්වලින් ඇප මුදල් භාර ගැනීමද අද දහවල් 12.00 ට අවසන් බව ඔහු කියා සිටියේ ය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ, මහ මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂවල ජාතික ලයිස්තු ද අද දහවල් 12 ට පෙර භාර දිය යුතු බවයි.
නාම යෝජනා භාරදීමත් සමගම මැතිවරණ නීතිවලට ගරු කරමින් සමකාමීව මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකරන ලෙස මැතිවරණ කොමිසම අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 241 ක් මැතිවරණයට නාම යෝජනා භාර දී ඇති බවයි.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 349 කි.
එසේම, මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර දීම අවසන් වන අද(11) දිනයේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ, නාම යෝජනා භාරදීමේ කාලය අවසන් වීමෙන් පසු පෙලපාලි යාම තහනම් බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.