ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයවීමට හා කාන්තා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.
පුනරුත්ථාපන කාර්යාංශ දිස්ත්‍රික් පුනරුත්ථාපන මධ්‍යස්ථාන සැලසුම පිළිබදව සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (11) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී ය.
පුනරුත්ථාපන කාර්යාංශ දිස්ත්‍රික් පුනරුත්ථාපන මධ්‍යස්ථාන සැලසුම පිළිබදව හා ඒ සදහා විසඳුමක් ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයවීම සඳහා නේවාසික මධ්‍යස්ථාන 4 ක් ස්ථාපිත කිරීම පිළිබඳව අවධානය යොමු විය.
පුනරුත්ථාපනය වන පුද්ගලයින්ට පහසුවෙන් යොමු විය හැකි පරිදි එම නව මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත්, එහි පළමු මධ්‍යස්ථානය වැලිකන්ද සේනපුර වෘත්තිය පුහුණු හා සාක්ෂරතා මධ්‍යස්ථානය තුළ පිහිටුවීමටත්, සුදුසු ප්‍රදේශ තෝරා ගැනීමෙන් පසුව සෙසු මධ්‍යස්ථාන පිහිටුවීමටත් මෙහිදී තීරණය විණි.
විශේෂයෙන් මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වු කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබදව සාකච්ඡා විය.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය,
"මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවු පුද්ගලයින්ගේ අනන්‍යතාවය ආරක්ෂා වන පරිදි මෙම වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. ස්වේඡාවෙන් පුනරුත්ථාපනය විය හැකි ස්ථාන පවතින බවට හා එම ස්ථානවල පවතින පහසුකම් පිළිබදව දිස්ත්‍රික්ක 22 ම ආවරණය වන පරිදි ස්ථාන හඳුනා ගත යුතුයි. පළමු මධ්‍යස්ථානය වැලිකන්ද සේනපුර ප්‍රදේශයේ පිහිටුවීමට හා සෙසු මධ්‍යස්ථාන කඩිනමින් පිහිටුවීමට කටයුතු කළ යුතුව පවතිනවා. තමන් සමාජයෙන් බැහැර කළ යුතු පිරිසක් නොවන බවට වු හැඟීම මත් ද්‍රව්‍යට ඇබ්බැහිව පුනරුත්ථාපනය වන පුද්ගලයින්ට ඇති වන පරිදි කටයුතු කළ යුතු යුතුයි. මෙය සෞඛ්‍යමය වශයෙන් මිස හමුදා නිලධාරීන්ගේ පරිපාලනයෙන් තොරව සකස් කළ යුතු යි."
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, පුනරුත්ථාපන කාර්යාංශ පාලක සභාවේ සභාපති මහාචාර්ය වසන්තා සුභසිංහ, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, පුනරුත්ථාපන කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි වුහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.