කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.

එම සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ වෙනත් වසරවලදී විදර්ශන ප්‍රකාශන සමාගම වෙත ලබා දෙන වෙළඳ කුටි තුන මෙවර කුටි දෙකකට අඩු කිරීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ගත් තීරණය හෙළා දකිමින් ය.

විදර්ශන ප්‍රකාශන හිමිකරු ජනක ඉනිමංකඩ විසින් තම මිතුරෙකු හා සංගමය පිළිබඳව සිදු කළ අතිශය පුද්ගලික සංවාදයකට දඬුවමක් වශයෙන් මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම නිල දැනුම් දීම පහතින්,

vr5y.JPG

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.