සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
ශ්‍රී ලංකා මුහුදු කලාපය ලබන වසරේ සිට විදේශ පර්යේෂණ නෞකා සඳහා තහනම් නොකරන බව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ජපානයේ NHK පුවත් සේවය සමග කළ සාකච්ඡාවකදීයි.
ශ්‍රී ලංකාව පසුගිය ජනවාරි මාසයේ සිට වසරක කාලයක් සඳහා විදේශීය පර්යේෂණ නෞකා සඳහා සිය මුහුදු කලාපයට ඇතුලු වීම තහනම් කළේ ය.
"අපිට එක එක රටවලට එක එක නීති පනවන්න බැහැ. ඒවගේම චීනයට විතරක් තහනමක් දාන්න බැහැ. අපි ඒක කරන්නේ නැහැ. අපි කාගේවත් පැත්තක් ගන්නේ නැහැ."
චීන පර්යේෂණ නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම පිළිබඳව කළ අදහස් දැක්වීමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
භාවිතයට නොගත් සමුද්‍ර සම්පත් ශ්‍රී ලංකාව සතුව ඇති බවත්, පර්යේෂණ අත්‍යවශ්‍ය බවත් නමුත් එය විනිවිදභාවයෙන් යුතුව කළ යුතු බවත් අමාත්‍ය අලි සබ්රි එහිදී අවධාරණය කළේ ය.
……..
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.