කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ප්රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94ක් පමණයි.
පැතුම් නිස්සංක ලකුණු 32ක් රැස් කළ අතර දසුන් ශානක ලකුණු 20ක් රැස් කළේය.
පන්දු යැවීමේ දී රිෂාද් හොසේන් කඩුලු 3ක් දවා ගත් අතර ෂොරිෆුල් ඉස්ලාම් සහ මොහොමඩ් සයිෆුඩීන් කඩුලු 2 බැගින් ද මුස්තාෆිසුර් රහ්මන් සහ මෙහිදි හසන් මිරාස් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.