කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පස්වරු 2.30 ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබේ.
තරගාවලියේදි චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ මෙහෙදි හසන් මිරාස්.
අද තරගයෙදී මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක ඊයේ (1) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.
දෙරට අතර 20/20 ක්‍රිකට් තරග 3ක් ද පැවැත්වීමට නියමිත අතර එම තරගය එළැඹෙන 10 වනදා ආරම්භ වීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.