මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
ඔහුගේ සිනමාරූපී, ඉතා සැහැල්ලු ක්‍රීඩා විලාසය ප්‍රේක්ෂකාගාරය කැළඹීමකට ලක් කර ඇති වග අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ.
රන් පදක්කම් දිනූ ජයග්‍රාහකයා ගැන හාවක් හූවක් නැතිවෙන තරමට රිදී පදක්කම් දිනූ ඔහුගේ සන්සුන් ස්වභාවය ප්‍රේක්ෂකාගාරයේ සම්පූර්ණ අවධානය සොරාගෙන අවසන්.
පැරිස් ඔලිම්පික් උළෙලේ එක රැයින් ජනප්‍රියත්වයට පත් මේ තුර්කි වෙඩික්කරු නමින් යූසුෆ් ඩිකෙච්.
ප්‍රතිවාදී තරගකරුවන් විශේෂිත උපකරණ ආදිය පැළඳ ක්‍රීඩාවේ යෙදුණත් එලෙස විශේෂිත උපකරණ නොපැළඳ, එක් අතක් කලිසම් සාක්කුව තුලට රුවාගෙන සැහැල්ලුවෙන් ඉලක්කය ගත් මේ වෙඩික්කරු ඇත්තටම සිටියේ සැහැල්ලුවෙන් ද ?
51 හැවිරිදි යූසුෆ් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වීමෙන් අනතුරුව ප්‍රථම වතාවට තමන්ගේ සැහැල්ලු ක්‍රීඩා විලාසය ගැන අදහස් දක්වා තිබුණේ මෙලෙසින්,
"මට කවදත් ඒ උපකරණ උවමනා වුණේ නැහැ. මම ස්වභාවික වෙඩික්කරුවෙක්. ඒ නිසයි මම විශේෂ උපකරණ බොහොමයක් පාවිච්චි නොකරන්නේ."
"මම සැහැල්ලුවෙන් වගේ පෙනුනත් මගේ මානසික තත්වය ඊට හාත්පසින් වෙනස්. ඒත්, මගේ සැහැල්ලු ක්‍රීඩා විලාසය මගේ ප්‍රතිවාදීන් කලබලයට පත් කරනවා."
විශ්‍රාමික සෙබළකු වන යූසුෆ් ගේ මීළඟ ඉලක්කය 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම බවයි දැනගන්නට ලැබෙන්නේ.
© අවාරා
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.